කුරුණෑගල 210 ක් වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
 
පසුගිය දින කීපයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කළ 210 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද (29) අලුයම වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යාමට ශ්‍රී ලංකා යුධහමුදව කටයුතු කළේය.
 
අලව්ව ,පොල්ගහවෙල , කුලියාපිටිය ,පඩුවස්නුවර, වාරියපොල සහ ගල්ගමුව යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනයට යොමුකර සිටි පිරිස් මෙසේ රැගෙන යන ලදී. ශ්‍රී ලංකා යුධහමුදවට අයත් බස්රථ අටක් මේ සදහා යොදවා තිබිණ.මෙම පිරිස යුධහමුදවට බාර දීමේ සම්බන්ධීකරණ කටයුතු අදාල ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළහ.
 
වාරියපොල යුධහමුදා කදවුරේ අණදෙන නිලධාරි මේජර් මංජුල කොස්තා මහතාගේ අධීක්ෂණයෙන් පිරිස පිටත්කර යැවීම සිදුකෙරිණි