කුඹුරේ සිටි දෙදරු පියා අකුණකින් මරුට


 

 
 ( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් එන්දන )

මහ වැස්සේ කුඹුරක සිටි දෙදරු පියෙකු  අකුණු සැරකට ලක්වි මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව දිවුල්වැව පදිංචි දෙදරු පියකු වු 36 හැවිරිදි එල් .හේමසිරි අබේසිංහ නැමති බවත් මොහු රැකියාව ලෙස  පුද්ගලික ආයතනයක ආරක්ෂක සේවයේ නිරත වන  බවද කියයි.

මරණයට පත් අය ඊයේ 18 දින දහවල් දිවුල්වැව උණලිය කුඹුක්කෑ වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ කුඹුරේ වි වපුරා ඇති බවත් ඉන් පසුව සවස නිවසට පැමිණ ඇති බව කියයි.

කුඹුරුට ගමන් කර මහ වැස්ස හේතුවෙන් ගස් කිපයක් තිබු ස්ථානයේ රැදි සිටියදි එකවර පතිත වු අකුණු සැරකට දෙදරු පියා ලක්ව ඇති බව පොලිසිය කියයි.

අකුණු සැරට ලක්වු දෙදරු පියා බරපතල පිළිස්සුම් තුවාල ලබා කුඹුර තුළම මරණයට පත් ඇති අතර උදෑසන කුඹුරට ගමන කරමින් සිටි අයකු මොහු වැටි සිටිනු දැක ඥාතින්ට දන්වා පසුව පොලිසිය දන්වා ඇති බව කියයි