(සිතුම් චතුරංග)
බුරවි සුළිකුණාටු තත්වය හේතුවෙන් කිලිනොච්චිය ,ඉරණතිව් දූපතේ සිරවී සිටින පවුල් 88 සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා වියළි ආහාර රැගෙනයාම අද(04) නාවික හමුදාව විසින් සිදුකළේය.
නාවික හමුදාවට අයත් විශේෂ යාත්‍රා දෙකකින් වියළි ආහාර රැගෙනයාම සිදුකෙරිණි.
බුරවි සුළිකුණාටුව හේතුවෙන් මුහුද රළුවීම හේතුවෙන් එම ජනතාවට සිය අවශ්‍යතා සපුරා ගැනීම සදහා කිලිනොච්චිය වෙත පැමිණිමට නොහැකි අතර සුළිකුණාටු තත්වය හේතුවෙන් එම ජනතාව පීඩාවට ලක්ව සිටින බවද කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීෂ්වරන් මහත්මියගේ ඉල්ලීමක් අනුව නාවික හමුදාව වියළි ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉදිරිපත්ව තිබේ.
ඉරණතිව් දූපතේ සිටින පවුල් 88 කට අයත් පුද්ගලයින් 131 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාම සිදුකෙරිණි.
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, පුනකරි ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවකයින් ඇතුළු පිරිසක් ද්‍රව්‍ය රැගෙනයාම සඳහා එක්ව සිටියහ.