(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු හා මිලි මීටර් නවය වර්ගයේ නවීන පන්නයේ පිස්තෝල සමඟ බණ්ඩාරගම ගැලණිගම නිවසකදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් රමනී ද සේරම් මහත්මිය හමුවට ඉදිරිපත් කර දිනහතක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර දුන්නේය.
පොකුණුවිට, මීමන , එකමුතු මාවතේ පදිංචි තිදෙනෙකි.
මොවුන් සමඟ මත්කුඩු කිලෝ 192 ක් සහ පාකිස්තානය, ඇමෙරිකාව,ඔස්ට්‍රේලියාවේ නිශ්පාධිත පිස්තෝල 19 ක් සහ මැගසින් ගිනි අවි 19 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

