රොමේෂ් මධුෂංඛ
මන්නාරම සහ මැදවච්චිය ප්‍රදේශයන්හි කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 300 ක් හා හෙරොයින් මිලිග්‍රෑම් 560 ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
උතුරුමැද නාවික විධානය විසින් මන්නාරම උසිමුක්කන්තුරෙයි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසියකදී මුහුදේ ජාකොටුවක් ආසන්නයේ වැටී පාවෙමින් තිබූ පාර්සල් දෙකක් පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 300 ක් තිබී ඇත.
මැදවච්චිය බස් නැවතුම්පලේදී සිදු කරන ලද සෝදිසියකදී කේරල ගංජා ග්‍රෑම් 500 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම එළුතුරෙයි ප්‍රදේශයේ දී හෙරෝයින් මිලිග්‍රෑම් 560 ක් සමගින් සැකකරුවෙකු නාවිකහමුදා භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව හා මන්නාරම් ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 21, 25 සහ 30 යන වයස්හි වන අතර අතර ඔවුන් මන්නාරම හා මැදච්චිය පොලිස් ස්ථානයන් වෙතට භාර දීම නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.