(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් ඕඩකරයේ අත් හැර දමන ලද කහ කිලෝ 25ක් සහිත ඇසුරුමක් කප්පල් අඩිය නාවික හමුදා මුරපොළින් අත්අඩංගුවට ගත් බව, කල්පිටිය නාවික හමුදාව පවසයි.
කප්පල් අඩිය ධීවරයින් විසින් මෙම කහ ඇසුරුම පිළිබදව නාවික හමුදාව දැනුවත් කරන ලදී.
මේ අතර මුදලප්පාලි මුහුදේ ගිල්ලා දමන ලද ධීවර යාත්‍රාවක්, කප්පල් අඩියේ ධීවර සමිතියේ හිටපු සභාපති සමන්ත හෙන්රි මහතා විසින් කප්පල් අඩිය ධීවර තොටු පළට ඇදගෙන විත් තිබිණි.
ඔහු පැවසුවේ, "මම රස්සාවට ගිහින් කකුලුවන්ට දැල් එලලා තියෙද්දී බෝට්ටුවක් පෙරළිලා තියෙනවා දැක්කා.කාගේ වුනත් ධීවරයෙකුගේ බෝට්ටුවක් නේ කියලා කිලෝ මීටරයක් විතර මුහුදේ ඇදගෙන ධීවර තොටුපළට අරගෙන ආවා.පසුව කප්පල් අඩිය නාවුක හමුදා මුරපළට භාර දුන්නා" ලෙසිනි.
මෙම ධීවර යාත්‍රාව මුහුදු මගින් ඉන්දියාවේ සිට රැගෙන ආ කහ ප්‍රවාහනය සදහා යොදා ගත් බවට සැක කෙන අතර,යාත්‍රාව නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.
එහි හිමිකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව නාවික හමුදාව කියයි.