කිලෝ 16 ක් බර තාරකා ඉබ්බෙක් කරුවලගස්වැව කුඹුරු යායක


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව නෙළුම්ගම කුඹුරු යායක සිටි විශාල තාරුකා ඉබ්බේකු අල්ලා වනජීවියට බාර දීමට ගොවින් පිරිසක් අද  ( 29 ) සමත් විය
 

මෙම තාරුකා ඉබ්බා වයස අවුරුදු 100 කට ආසන්න බවත් කිලෝ 16 යි ග්‍රෑම්ස් 250 ක බරකින් යුක්ත බවද වන ජීවි නිළධාරින් පවසයි.
 
කරුවලගස්වැව නෙළුම්ගම කුඹුරු යායක රැදි සිටි මෙම දැවැන්ත තාරුකා ඉබ්බා කුඹුරු වලට ගමන් කරමින් සිටි ගොවින් පිරිසක් දැක තිබේ.

ඉබ්බා දැක ඇති ගොවින් වහාම කරුවලගස්වැව වන ජීවි නිළධාරින් දැනුවත් කිරීමේන් පසුව වන ජවි නිළධාරින් පැමිණ තාරුකා ඉබ්බා රැගෙන ගියේය.
 
 වනජීවි නිළධාරින් පවසා සිටියේ මෙම තාරුකා ඉබ්බා විල්පත්තුව  ජාතික වන වන උද්‍යානයට මුදා හැරිමට කටයුතු කරන බවයි .