කිලිනොච්චියේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් හමුවෙයි


(සිතුම් චතුරංග)        

කිලිනොච්චිය, තිරුවෙයාරු, දෙවන පටුමඟ ප්‍රදේශයේ ඉඩමක තිබි පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

වගාවන් සඳහා පැරණි ඉඩමක් සකස් කිරීමේදී ඉඩමේ හිමිකරු පොළොව අභ්‍යන්තරයේවූ පුපුරණ ද්‍රව්‍ය තොගය දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ පරීකෂාවකදී පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී තිබේ.

හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර මිලිමීටර 60 මෝටාර් උණ්ඩ , ගුවන් යානා නාශක උණ්ඩ සහ පතරොම් , ටි.56 පතරොම් , පැරාබෝම්බ හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා ෆියුස් තොගයක් සොයගත් බව  පොලිසිය පැවසීය.        

පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතාවට ගැනීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්ෂිතව පොළව අභ්‍යන්තරයේ සඟවා තබන්නට ඇති බවට සැක පළ කරයි.

හමුවූ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.

කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.