කිරිගොවීහු පිරිසක් උද්ඝෝෂණයක


 
(ක.ග.කරුණාරත්න)

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වෙහෙරගොඩයාය ප්‍රදේශයේ පිහිටි තම ගවගාල්  අහිමිවීම නිසා තමන් එම ගව පට්ටි පවත්වාගෙන යාම සම්බන්‍ධයෙන් මහත් අසීරුතාවකට පත්ව ඇති හෙයින් එම කිරි දෙනුන් ඇති කිරීම සඳහා සුදුසු තණ බිම් හෝ වෙනත් ස්ථාන ලබා දෙන ලෙස රජයේ වගකිවයුතු අංශ වෙත බලකර පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ වෙසෙන කිරි ගොවීහු පිරිසක් අද(07) තඹාල නගරයේදී උද්ඝෝෂණයෙක නිරත වූහ.

පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය අසලට තම කිරි දෙනුන් සහිත ගව පට්ටිද දක්කාගෙන විත් මෙම උද්ඝෝණයට එක්ව සිටි මෙම කිරි ගොවීහු කියා සිටියේ පාරම් පරිකව කිරි නිෂ්පාදන කර්මාන්තයෙන් දිවි රැක ගන්නා ගොවීන් 28 දෙනෙකු අද දිනයේ මෙම විරෝධතාවට එක්ව සිටන බවයි.

තඹාල කිරි නිෂ්පාදන සංවිධාන ගොවි සමිතියට අයත් එම ගොවීන් සතුව කිරි දෙනුන් 1250ක් පමණ සිටින බවත් එම ෂතුන් ඇති කිරීම සඳහා සුසුදුසු තණබිම් රජය මගින් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත්  එම කිරි ගොවි සමිතියේ සභාපති  එ.බී.එම්.සමීම් මහතා ප්‍රකාශ කලේය.

මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් නොලද හොත් මේ ජීවනෝපායතවදුරටත්  කරගෙනයාමට නොහැකි තත්වයක් උද්ගතවී තම අඹු දරුවන් සමඟ මහ මඟට ඇද වැටෙන බවද හෙතෙම කියා සිටියේය.

කිරි ගොවීන්ගේ මෙම විරෝධතාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය පැය කිහිපයක් තිස්සේ අවහිරවී පැවැතීම නිසා එහි රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ලවී ඇතැයි පුලස්තිපුර පොලීසිය සඳහන් කලේය