(උපාලි රණවීර)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සීමාසහිත කිරිඳිවැල කෑරගල විවිධ සේවා සමුපකාර සමිතිය ප්‍රධාන කළමනාකරු සම්පත් දයාරත්න මහතා පැවසීය.
මෙම අවස්ථාවට සමුපකාර සමිතියේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ප්‍රධාන කළමනාකරු එක්ව සිටියහ.
දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කිරිඳිවැල පොලිසිය එක්ව ආහාර මලු බෙදාදීම සඳහා එම ආහාර මලු සකස් කරන ආකාරය ඡායාරූපයේ දැක්වේ.