( රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව නගරයේ පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළ දුන් 15 දෙනෙකුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට අද (22) කටයුතු කළ බව නුවරඑලිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල සෙනවිරත්න මහතා පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආර්.එස්.කේ.ජයසුරිය මහතාගේ අධික්ෂණය යටතේ මෙම හදිසි පරික්ෂාව සිදු කලහ.
වතුකරයේ ජනතාවට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් බගවන්තලාව , ටින්සින් , කැම්පියන් , පුලියාවත්ත යන නගර වල මෙම හදිසි පරික්ෂාව සිදු කළේය.
මෙම හදිසි පරික්ෂාවට කොටගල , ලිදුල , කොත්මලේ , මස්කෙලිය, නව තිස්පනේ , අඹගමුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල මහජන සෞඛ්‍ය මෙම හදිසි පරික්ෂාවට එක්ව සිටියහ.