(කේ බුද්ධික කුමාරසිරි )
කැළණි ගග පිටාර ගැලීම නිසාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 17,514 කට අයත් පුද්ගලයින් 70,451 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි
එමෙන්ම කැළණි ගග පිටාර ගැලිමෙන් වාසස්ථාන අහිමි වූ පවුල් 4,766 කට අයත් පුද්ගලයින් 28,802 දෙනෙකු කඳවුරු 34 ක නවතැන් ලබ දී සහන සැළසීමට කටයුතු කල බවත් එලෙෂ කඳවුරු ගතව සිටි සහ ගංවතුර සමයෙහි ඥාතී නිවාසවල රැදී සිටි පුද්ගලයින් ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා පැවසීය
පැවැති අයහපත් කාළගුණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශය ලේකම් කාර්යාල 13 න් 10 ක ම ජනතාව පීඩාවට පත් වූ බවත් ඒ අතුරින් තවමත් කොළඹ කඩුවෙල සහ වැල්ලම්පිටිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවල ගංවතුර තත්වය පහව නොගොස් ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය
හංවැල්ල ඇඹුල්ගම සමගි මාවත ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් පැවැති වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මෙම කරුනු මාද්‍ය වෙත අනාවරණය කරන ලදී