නෙළුම් මල් පිපෙන ආකාරය යන්ත්‍රානුසාරයෙන් දැක්වෙන පොසොක් පහන් කූඩුව ලබන 13 වැනි දා සිට 15 වැනි දා දක්වා රාත්‍රී 6.30 සිට රාත්‍රී 10 දක්වා ඕස්ට්‍රේලියාවේ රොක්බෑන්හි පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
පහන් කූඩුවේයාන්ත්‍රණය හා ඉදිකිරීම් කටයුතු ජයතිස්ස නෙත්තසිංහ සහ තරංග පීරිස් මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු වූ අතර විදුලි ආලෝක කරණය කීර්ති ජයකොඩි මහතාගෙනි.
පහන් කූඩුවේ සැලසුම් හා කැටයම් වසන්ත සේනාධීර මහතා අතින් සිදුවූ අතර කුඩුව නිර්මාණය සරත් චන්ද්‍රසිරි පන්නල මහතාගේ මූලිකත්වයෙන් සිදු විය.
බටහිර වික්ටෝරියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමය සිව් වැනි වරටත් නිර්මාණය කළ පහන් කූඩුව පාරමිතා බෞද්ධ විහාරයේ දී වෙසක් පෝයට ද ප්‍රදර්ශනය කැරුණු අතර එය පරිවාර පහන් කූඩු 108කින් සමන්විතය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසක් පිංකම් මාලාව පාරමිතා බෞද්ධ විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත සහ විහාරවාසී ඉඳිපරපේ ධම්මසිරි හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.