රංජිත් රාජපක්ෂ
ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධරයෝ කියා සිටිති.
එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන බවත්, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු තෙල් තට්ටු කැළණි ගඟට ගලා යන බව ඔවුහු පවසති.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් සහ හැටන් සිට කාසල්රි ජලාශයට දික්ඔය ඇළ මාර්ගය ඔස්සේ ජලය ගලා බසී.
කෙසෙල්ගමු ඔය මේ දිනවල නොර්වුඩ් ප්‍රදේශයෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පුළුල් කිරිමේ කටයුතු සිදු කරන අතර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින ගංගා සහ ඇළ මාර්ග අවට තේ කර්මාන්තශාලා ගණනාවක් ද පිහිටා තිබේ.
කාසල්රි ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග සහ ගංගා වලට මෙසේ ඉතා සුක්ෂම ලෙස තෙල් මුදා හැරීම නිසා කාසල්රි ජලාශයට තෙල් තට්ටු වශයෙන් ගලා එන බව ආරක්ෂක අංශ කියා සිටිති.