(හැටන් රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.
හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය පුදුකාඩු ප්‍රදේශයේ ජලාශ රක්ෂිතයේ මෙම ගින්න හටගෙන ඇත
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් ඉලුක් සහිත එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව කාසල්රි ජලාශ අවට පදිංචිකරුවන් කියා සිටියේය.
ගින්නෙන් මේ වන විට අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති අතර, පැතිර යන ගින්න පාලනය කිරිමට කිසිවෙකු ඉදිරිපත් වි නොමැති නිසා ගින්න තවදුරටත් එම රක්ෂිතය පුරා පැතිර යමින් පවති.