කාසල් රී ජලාශය වාන් දමයි


(රංජිත් රාජපක්ෂ  )     
                 
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇත.

ඊයේ(16) රාත්‍රියේ  සිට එම ජලාශය වාන් දමන බව විදුලි බල මණ්ඩලය පවසයි. වසර පහකට පමණ පසුව මෙලෙස ජලාශය වාන් දමන බව ඔවුහු පවසති.
 
මවුස්සාකැලේ , කැනියොන් ,ලක්ෂපාන ,ඉහළ කොත්මලේ යන ජලාශවලද  වාන් දොරටු තව දුරටත් විවෘත කර ඇති අතර විමසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවති .

මධ්‍යම කදුකරය හරහා හමා යන දැඩි සුළඟකින් විදුලි රැහන් වලට දැඩි අලාභ හානි සිදු විම නිසා ප්‍රදෙශ රැසකට තදුරටත්  විදුලිය ඇන හිට ඇත.

පවතින අයහපත් කාලගුණයක් සමග මධ්‍යම කදුකරයේ ජනතාවගේ ජන ජිවිතය අඩාල වි ඇති අතර , එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැම් එල්ල වි ඇත.