( පාලිත ආරියවංශ )
බදුල්ලේ රාජ්‍ය ආයතනයක කාන්තා වැසිකිළියේ ජංගම දුරකතනයක් රඳවා වීඩියෝ කළැයි සැකපිට කාර්යාලයේම සේවය කරන කම්කරුවෙක් බදුල්ල පොලිසිය විසින් අද (14) අත් අඩංගුවට ගෙන තිබේ .
කාන්තාවන්ගේ දර්ශන මෙන්ම ජංගම කැමරාව සහිත ජංගම දුරකථනය ඇටවූ සැකකරුගේ මුහුණද එහි රූගත වි ඇතැයි පොලිසිය පවසයි .
වැසිකිලිය සේදීම සදහා උපයෝගි කරගන්නා ද්‍රාවණ බහාලන බාල්දියක සූක්ෂ ලෙස මෙම ජංගම දුරකතනය සඟවා තිබිණි .
වැසිකිලියට ගිය සේවිකාවක් විසින් එය කාර්යාලයේ ඉහල නිලධාරින්ට දැනුම් දීමෙන් පසු ඔවුන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි අත්අඩංගුවට ගත් සැකකරු අද (14) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

