ජුඩ් සමන්ත
මියගිය කාන්තා මළ සිරුරක් හලාවත - තානායම අසල මුහුදු වෙරළේ තිබී හමුවී ඇතැයි හලාවත පොලීසිය කියයි.
අද (23) පෙරවරුවේ මෙම මළ සිරුර හමු වී ඇත.
වයස අවුරුදු 40- 45 ක් පමණ වන මිය ගොස් ඇති කාන්තාව කොට කලිසමක් සහ හැට්යක් ඇද සිටින බව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ කාගේ කවුරුන්ද? මරණයට හේතුව සියදිවි හානිකර ගැනීමක්ද? එසේත් නැත්නම් වෙනත් හේතුවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.