ක්‍රීඩා නීති උල්ලංඝණය කරන සංගම් සහ සම්මේලනවලට දැඩි නීතිමය පියවර



 
 
 
සුජිත් හේවාජුලිගේ
 
ක්‍රීඩා පනතේ වගන්ති උල්ලංඝණය වන ආකාරයට  කටයුතු කරන ජාතික ක්‍රිඩා සංගම් හා සම්මේලනවලට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පළාත් සභා හා පළාත් පාලන ක්‍රිඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර ඇත.


මෙලෙස නීතිවිරෝධීව කටයුතු කරන ජාතික ක්‍රිඩා සංගම් හා සම්මේලන පිළිබඳව තොරතුරු රැස් කිරිමට මේ දිනවල කටයුතු කරගෙන යන බව පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.


ක්‍රීඩා පනත,ජාතික ක්‍රිඩා සංගම්වල ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් කටයුතු කරන ජාතික ක්‍රිඩා සංගම්වල නිලධාරින්,තේරිම් කමිටු සාමාජිකයන් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂකවරයාට ලබන 31 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.