(සමන් පාලිත නානායක්කාර )
පැවති ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල කළුපහන බඹරකන්ද හරහා ඔහිය මාර්ගයේ යකාගේ පඩිපෙළ ආසන්නයෙන් මාර්ගය අද( 19 )අලුයම නාය යාමෙන් එහි ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි .
පැති බැම්මක් සමග මාර්ගය නාය යාම හේතුවෙන් උඩවේරිය ඔහිය ඉදල්ගස්හින්න නීඩ්වුඩ් යන වතු ජනතාව මහත් ගමනාගමන දුෂ්කරතාවයකට මුහුණ දී සිටිති.
මාර්ගයේ අඩි 60 කට අධික මාර්ග කොටසක් කැඩී ගොස් ඇති බවත් මෙම මාර්ගය ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බී ශේණියේ මාර්ගයක් බවත් උඩවේරිය වතු අධිකාරි මුදිත ජයරත්න මහතා පැවසීය.
මෙම ස්ථානයේ මාර්ගය පිළිසකර කිරීමට අදාල ආයතන සම්බන්ධීකරණය කළ බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.