(රංජිත් රාජපක්ෂ )
ගිනිගත්හේනේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු කුඩා ලොරි රථයකට කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසල් සිසුවියක් ගැටීමෙන් අද (07) උදෑසන සිදු වු අනතුරකින් තුවාල ලැබු පාසල් සිසුවිය රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ෆෘට්හිල් ප්‍රදේශයේදිය.
එම ප්‍රදේශයේ පිහිටි දෙමළ විද්‍යාලයක 6 වැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් කහ ඉර මතින් පාර මාරු විමට යාමේදි අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය පාසල් සිසුවිය ගැටිමෙන් සිසුවිය අඩි කිහිපයක් ඉදිරියට විසි වි ඇද වැටි තුවාල ලබා ඇත.
අනතුරෙන් තුවාල ලැබු සිසුවිය දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර බවත් එම සිසුවියගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය කියයි.
පවතින අධික වර්ෂාවත් සමග අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදු වි ඇති තර අනතුරත් සමඟ ප්‍රදේශවාසින් විසින් ලොරි රථයේ රියදුරා අල්ලා පොලිසිය වෙත භාර දි ඇත.