(සිතුම් චතුරංග)
වවුනියාව කල්මඩු රක්ෂිතයෙන් නීතිවිරෝධී ලෙස බුරුත දැව කපා ප්‍රවාහනය කළ කැබ්රථයක් (13)උදෑසන වවුනියාව ශාන්තසෝලේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ඊච්චන්කුලම ප්‍රදේශයේ සිට වවුනියාව දක්වා කැබ්රථයකින් බුරුත දැව කඳන් ප්‍රවාහනය කරන බවට ලැබුණ තොරතුරක් මත වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් සමඟ එක්ව සිදුකළ වැටලීමකදී කැබ්රථය අත්අඩංගුවටගෙන තිබේ.
අත්අඩංගුවටගත් කැබ්රථයේ තිබී බුරුත දැව කඳන් 15 තිබී ඇති අතර එම දැව කඳන් වවුනියාව ප්‍රදේශයේ වඩුමඩු වෙත රැගෙනයමින් තිබූ බවද සඳහන් කළේය.
සැකකරු වවුනියාව පෙරියතම්පනේ පදිංචි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වවුනියාව වන සංරක්ෂණ කාර්යාලය පුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.