කරුවලගස්වැව රක්ෂිතයේ ගින්නක්


ජයරත්න වික්‍රමාරච්චි

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පුත්තලම දිස්ත්‍රීක්කයේ කරුවලගස්වැව වන්නියාගම වන රක්ෂිතයේ අක්කර සියයක පමණ ප්‍රදේශයක ඇති වූ ගින්නක් මහත් පරිශ්‍රමයක් දරා අද 25 සවස නිවා දැමීමට පියවර ගත් බව සාලියවැව පොලීසිය කියයි.

පුත්තලම- අනුරාධපුර මාර්ගයේ බුද්ධි දසුන්ගම, අලුත්ගම හා සිරිසරවත්ත ප්‍රදේශ ආවරණය වනසේ මෙම ගින්න පැතිරී ගොස් ඇති බවත්, එය අද දහවල් කාලයේ සිට හටගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය පවසයි.

ගින්නට හේතුව එතෙක් අනාවරණය වී නොතිබූ අතර, නමුත් මෙය කිසිවෙකු විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොතිබූ අතර, එය නිවා දැමීම සදහා සාලියවැව පොලීසිය සමග තබ්බෝව යුද හමුදා කදවුර, පුත්තලම අඩවි වන කාර්යාලය, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හා ගම්වාසීහු පිරිසක් එක්ව සිටියහ.