(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර කීපයකට පසු පහරිය ජලාශය අද (20) අලුයම සිට වාන් දැමීම ආරම්භ වී ඇති බව පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ අතරින් සුන්දරම ජලාශයක් වන කරුවලගස්වැව පහරිය ජලාශය වාන් දැමීම සුන්දර දසුනක්ව තිබේ.
අඩි 560 කට ආසන්න දිගකින් යුත් පහරිය ජලාශයේ වාන ස්භාවික ගල් තලාවක් මත ඉදිවී තිබීම නිසා එය ගල් තලාවේ පිහිටීම අනුව සැකසී තිබීමෙන් වාන් දමන විට සුන්දර දිය ඇල්ලක් සේ ගලා පහළට ඇදවැටේ.




