කරාපිටිය රෝහලෙන් තොරතුරු ගන්න දුරකථන අංකයක්


(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

කරාපිටිය ශික්ෂණ රෝහලේ තොරතුරු මහජනතාවට ලබා ගැනීම සඳහා පැය 24  පුරාම විවෘත හදිසි ඇමතුම් අංකයක්  මහජනතාව වෙනුවෙන් අද (28) සිට ක්‍රියාත්මක බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

091 - 3133933 මෙම දුරකථන අංකය මගින් විශේෂඥ වෛද්‍ය සායන පැවැත් වීම සම්බන්ධයෙන් , ඖෂධ ලබා ගැනීම සම්බන්ධ තොරතුරු ඇතුළු ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.