කරාපිටිය රෝහලට මුඛ ආවරණ පරිත්‍යාගයක්


( ජී  ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය   සඳහා මුඛ ආවරණ  තොගයක්  පරිත්‍යාග කිරීම  අද (26) කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතිය මගින්  සිදු කළේය.
 
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා වෙත  එම මුඛ ආවරණ තොගය භාර දීම සිදු  කෙරිණි.
 
මෙම අවස්ථාවට එක් වූ කරාපිටිය පරිසර හා ප්‍රජා ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපති ඩී ජී  බන්දුල වික්‍රම ඩයස් මහතා පැවසූයේ කරාපිටිය ශික්ෂණ රෝහල වෙනුවෙන් මෙවැනි ප්‍රජා සත්කාර ඉදිරියේදීත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතිය වෙනුවෙන් සභාපති ඩී ජී බන්දුල වික්‍රම ඩයස් මහතා සහ ප්‍රධාන සංවිධායක වී ඩබ්ලිව්  විමලජීව මහතා මෙම අවස්ථාවට එක් ව සිටියහ.