(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ ව්‍යාපාරිකයකු වරකාගොඩදී අද(13) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු කප්පම් මුදල ලබාගැනීමට පැමිණි මෝටර් රථයද පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු ඉඩම් හිමි වැවිලි කරුවකුගේ නිවසට ගොස් ඔහුගේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරින බව පවසා, එය වළක්වා ගැනීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 40ක මුදලක් අවශ්‍ය බව තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි.
පැමිණිලිකරු ඒ මොහොතේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදී ඉතිරි මුදල් අද(13) ලබා දෙන බවට පොරොන්දු වී තිබේ. සැකකරු මුදල ලබාගැනීමට නිවසට පැමිණි අවස්ථාවේදී එහි රැකවල්ලා සිටි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
කෝටිපති ව්‍යාපාරිකයා සිටින දර්ශන ඇතුළත් වීඩියෝව තිබූ ජංගම දුරකතනයද පොලිසියට බාරයට ගෙන ඇත.
සැකකරු වරකාගොඩ පොලිසියට බාර දී ඇත.

