රාජ්‍ය සේවයේ කනිෂ්ඨ සේවකයින් රාජ්‍ය කළමනාකර සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත තරග විභාගයේ මෙතෙක් පැවැති අධ්‍යාපන සුදුසුකම් මේ වසරේ ඉහළ දැමීම හේතුවෙන් විශාල පිරිසක් කනස්සල්ලෙන් පසු වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.
කනිෂ්ඨ සේවකයින් සදහා උසස් වීමක් වශයෙන් ඉල්ලුම් කිරීමට ඇති එකම විභාගය මෙය බවත්, සමාන්‍ය පෙළ විභාගයේ සිංහල හා ගණිතය සදහා සමාන්‍ය සාමාර්ථ සහිතව විෂයන් හයක් සමත් වීම පෙර පැවැති සුදුසුකම බවත්, අගෝස්තු 29 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව එම විභාගයට මුහුණ දීමට නම් භාෂාව සහ ගණිතය විෂයන් දෙකට සම්මාන සාමාර්ථ සහිතව එක් වරකදී සාමාන්‍ය පෙළ සමත් විය යුතු බවත් තිලකරත්න මහතා යැවූ ලිපියේ සදහන්ය.
විභාගයේ ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වූ දසදහසකට ආසන්න පිරිසක් අලුත් තීරණය නිසා අසාධාරණයට ලක්ව ඇති බැවින් අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කර මෙම පිරිසට ඉල්ලිමට හැකි පරිදි අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසද ඒ මහතා ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.