කන්දකැටිය ගොවීන්ට පැරෂුට් වී වගාව හඳුන්වා දෙයි



 
නිශාන්ත කුමාර

                                                         
ජාතික ආහාර නිෂ්පාදිත වැඩසටහනට සමගාමීව කන්දකැටිය ගොවිජන සේවා බල ප්‍රදේශ තුළ නව වී වගා ක්‍රමයක් වන පැරෂූට් ක්‍රමය ව්‍යාප්ත කිරීමට ඌව පළාත් කෘෂීකර්ම  දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


මේ තුළින් කුඹුරකින් ලැබෙන සාමාන්‍යය අස්වැන්නට වඩා සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයක වැඩි අස්වැන්නක් ලබාගත හැකි  බව කන්දකැටිය කෘෂීකර්ම උපදේශක කේ. ජී. එස්. සුදර්ශන මහතා පවසයි.


මීට සමගාමීව කර දහයියා භාවිතය හා නවීනතම ජල සම්පාදන ක්‍රමයක් වන තෙත් හා වියළි  ජල සම්පාදනය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නංවා ඇත.