(ටී.කේ.ජී.කපිල )
කොළඹ සිට කටුනායකට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු සහ ඔහු ගමන් ගනිමින් සිටි මෝටර් රථය අද (13) කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන මීගමුව දාගොන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයට ලැබී තිබූ තොරතුරු මත කටුනායක 18 කණුව ප්‍රදේශයේ මෙම නිලධාරීන් පිරිස රැක සිට මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ කලිසම් සාක්කුවේ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මෙම හෙරොයින් ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණය සඟවාගෙන සිටි බව පොලිසියි පැවැසීය.
මෙම හෙරොයින් දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ගෙන් මිලදී ගෙන ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.