කටුනායක ගුවන්තොටුපල මිනුවන්ගොඩ අධිකරණ කොට්ඨාසයට



(ටෝනි කරුණානායක)
 
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටි ප්‍රදේශයේ අධිකරණ බල ප්‍රදේශය මිනුවන්ගොඩ  අධිකරණ කොට්ඨාසය ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක්  මගින් ප්‍රකාශයට  පත් කොට තිබේ.

මීගමුව අධිකරණ කොට්ඨාසයට  අයත්ව තිබු  කටුනායක ගුවන්තොටුපොළ පිහිටි  ප්‍රදේශය ඉකුත් 12 වැනි දා සිට  මෙලෙස මිනුවන්ගොඩ  අධිකරණ බල ප්‍ර දේශයට අයත් බවට ඉකුත් ජුලි 12 වැනි දා  අති විශේෂ ගැසට්  පත්‍රයක්  මගින්  අධිකරණ අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට  පත් කර ඇත. 

ඒ  අනුව අද (19) සිට  කටුනායක ගුවන්තොටුපොල පොලිසිය මගින්  සහ ඇවරිවත්ත පොලිස් ස්ථානයට අයත්  අංක 149 ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන්  අත්අඩංගුවට  ගන්නා  පුද්ගලයන් සහ සිදුවන වෙනත්  අපරාධ සම්බන්ධයෙන්  එම පොලිස් ස්ථාන දෙකට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්  අධිකරණයට  කරුණු වාර්තා කිරිමට  නියමිත වී ඇත.