( අමිල සම්පත් ශ්‍රී)
තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයේ විදුලි වැටට ආසන්න ගල් ආර ප්‍රදේශයේ අක්කර භාගයක් පමණ මහා වනාන්තරය හෙළිපෙහෙළි කර සිදුකරනු ලැබූ කංසා හේනක් වැටලීමට තිස්සමහාරාම පොලිසිය අද (26) කටයුතු කර තිබේ .
මෙම කංසා හේන පවත්වාගෙන ගියතිස්සමහාරාම සඳගිරි ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තිස්සමහාරාම පොලිසිය පවත්වයි .
උප පොලිස් පරීක්ෂක කැලුම් හෙට්ටිආරච්චි ,පොලිස් සැරයන් ආර් පී එස් කුමාර ,පොලිස් කොස්තාපල් එච් ඩබ්ලිව් සී පුෂ්පකුමාර ,පොලිස් කොස්තාපල් එච් . ඒ මනුප්‍රිය, පොලිස් කොස්තාපල් ඒ පී ගයාන්, පොලිස් කොස්තාපල් එච් එම් ඩීදේශාන් යන නිලධාරීහු මෙම මෙහෙයුමට එක් වූහ..