කංසා තෙල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(ජයන්ත සමරකෝන්)

ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද කංසා තෙල් තොගයක් සමඟ පුද්ගලයකු කොළඹ තරු පහේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

මෙවැනි කංසා තෙල් වර්ගයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

මිලිග්‍රෑම් 500 ක් සහිත ගංජා තෙල් බෝතල් 20 ක් මෙහිදී සොයාගෙන ඇති අතර එක් බෝතලයක් රුපියල් 175000 කට අලෙවි කර ඇතැයි එම ඒකකය කියයි.

මෙම ගංජා තෙල් බොහෝ බටහිර රටවල ඖෂධයක් ලෙස භාවිතා කරන අතර මෙරට ඖෂධයක් නීතිගත කර නැතැයි ද එම ඒකකය පෙන්වා දෙයි.