( සිතුම් චතුරංග)
වවුනියාව, ඕමන්ත, කෝවිල්කුංචිකුලම ප්‍රදේශයේ පැරණි ළිඳක් තුළ තිබි මෝටාර් උණ්ඩ 14 ක් අද (22) සොයාගත් බව ඕමන්ත පොලිසිය කියයි.
වගාකටයුතු සඳහා ඉඩම සකස්කොට පැරණි ළිඳ ශුද්ධ පවිත්‍ර කිරීමේදී අදාළ මෝටාර් උණ්ඩ ඉඩමේ හිමිකරු දැක පොලිසිය වෙත ලබාදුන් තොරතුර මත සොයාගත් බවයි.
ඕමන්ත පොලිස් නිලධාරීන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ, පොලිස් විශේෂ බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන් විසින් ළිඳතුල තිබූ මෝටාර් උණ්ඩ තොගය ගොඩගත් බවද පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 14 ක් ළිඳ තුළ තිබි ගොඩගෙන නිශ්ක්‍රීය කිරීම වෙනුවෙන් පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත භාරදුන් බවයි.
පසුගිය යුධ සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් අදාළ මෝටාර් උණ්ඩ ළිඳට දමා පළායන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.
ඕමන්ත පොලිසිය හා පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.