ප්‍රසන්න පත්මසිරි
ඌව පළාතට මේ දින වල සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල - බිබිල A 5 මාර්ගයට ගල් හා පස් කදු කඩා වැටී නිතර අවහිර වෙමින් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්. උදයකුමාර මහතා පැවසීය.
මෙම මාර්ගයට ඉහලින් කදු ප්‍රදේශ පිහිටීම නිසා අධික වර්ෂාවත් සමග ඒවාගේ තිබෙන විශාල ගල් හා පස් කදු නාය යෑමෙන් මාර්ගයට වැටී දිනපතා අවහිරතාවයන් සිදුවේ.
අධික වර්ෂාව පවතිද්දී මෙම මාර්ගයේ රථ වාහන පදවන රියදුරන් කල්පනාවෙන් රිය ධාවනය කරන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.