(හසිත රංග ගුණතිලක)
තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් තමන්ගේ දේපළ පවා කැප කරමින් කටයුතු කළ එෆ්.ආර් සේනානායක මහතාගේ ආදර්ශයන් තරුණ පරපුර අතරට ගෙනයාම යුගයේ අවශ්‍යතාවයක් යැයි විද්‍යෝදය පිරිවනේ පිරිවේනාධිපති බලංගොඩ සෝභිත නාහිමියෝ කොළඹ දී අද (01) පැවසූහ.
කෙනෙකු වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කළවිට ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවන එෆ්.ආර් සේනානායක චරිතය සදා අමරණීයයි යැයිද සෝභිත නාහිමියෝ කියා සිටියහ.
සෝභිත නාහිමියෝ මේ බව සඳහන් කළේ 94 වැනි එෆ්.ආර් සේනානායක ගුණසමරු උත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදුකරමිනි.
කොළඹ 07 පිහිටි එෆ්.ආර් සේනානායක පිළිරුව අභියස මෙම උත්සවය පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ඇතුළු එෆ්.ආර් සේනානායක මහතාගේ පවුලේ ඥාතීන් විසින් සේනානායක මහතාලේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
යම් කෙනෙකුගේ දියුණුව දැක ඒ දියුණුවට නිබදවම පිහිටක් වූ එෆ්.ආර් සේනානායක මහතා උතුම් පුද්ගලයෙකු බවද සෝභිත නා හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
(ඡායාරූප -ගයාන් අමරසේකර)






