ඌවේ ආයුර්වේද වෛද්‍යවරු-හෙදියෝ වැඩ වරති


(ඩි.කේ.රත්න )
 
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඌව පළාතේ ආයුර්වේද වෙද්‍යවරුන් ,හෙද හෙදියන් ඇතුලූ සියලූ සේවකයින් අද (3) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
 
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙම වෛද්‍යවරුන් සහ සේවකයින්ට ලබාදීමට නියමිත අතිකාල දීමනා සහ නිවාඩු දින දීමනා 2019 වර්ෂයේ ජුනි මස සිට මේ දක්වාම ලබා නොදීම නිසා මෙම වැඩ වර්ජනය අරඹා තිබේ.
 
 මෙම වැඩ වර්ජනය සදහා ඌව පළාතේ ක‍්‍රියාත්මක සමස්ථ ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරි සංගමය,සමස්ථ ලංකා සුවසේවා සංගමය,රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමය , ජාතික සෞඛය සේවා පොදු සේවා සංගමය සහ ඌව සුව සරණ පොදු සේවා සංගමය යන වෘත්තීය සමිති පහට අයත් සියලූම සාමාජිතයන් සහභාගී වී සිටිති.
 
මෙම වැඩ වර්ජනය නිසා ඌව පළාතේ ආයුර්වේද රෝහල්වල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවීමෙන් මෙම රෝහල්වලට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට ලක්ව තිබේ.

 

ඡායාරූපය සමන් පාලිත