ඌව පළාතේ පවුල් 4350 කට වියළි ආහාර නොමිලේ


(ප්‍රසන්න පත්මසිරි)
 
ඌව පළාතේ පළාත් පාලන ආයතන මගින් රුපියල් ලක්ෂ 57 ක වියදමින් අඩු ආදායම්ලාභි පවුල් 4350 කට වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට කටයුතු කළබව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය.
 
කොරෝනා වසංගතයට මැදිව සිටින ජනතාවට සහන සැලසීම සඳහා බදුල්ල මහ නගර සභාව මගින් ලක්ෂ 18 ක් වැයකර පවුල් 1200 කටද , බදුල්ල ප්‍රාදේශීය සභාව ලක්ෂ 12 ක් වැයකර පවුල් 1200 කටද, බණ්ඩාරවෙළ නගර  සභාව ලක්ෂ 20 ක් වැයකර පවුල් 1000 කටද, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව ලක්ෂ 5 ක් වැයකර පවුල් 450 කටද , හපුතලේ නගර සභාව 50,000 ක් වැයකර පවුල් 100 කටද , ඌව පරණගම ප්‍රාදේශීය සභාව 50,000 ක් වැයකර පවුල් 100 කටද, තණමල්විල ප්‍රාදේශීය සභාව ලක්ෂයක් වැයකර පවුල් 200 කටද බැගින් වියළි ආහාර දව්‍ය ලබාදී තිබේ.
 
මෙම පළාත් පාලන ආයතන වල මහ සභාවක් පවත්වා සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් සභා අරමුදල් වලින් මෙම මුදල් යෙදවීමට ආණ්ඩුකාරවරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගෙන තිබේ.