(නිශාන්ත කුමාර)
ඌව පළාතේ ජනතාව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් නව පළාත් කාර්යාලයක් හා විගමනික සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇත.
සියලු පහසුකම් වලින් සමන්විත මහල් පහකින් යුත් මෙම නව විගමනික සම්පත් මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 540 කි.
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීම, සුබසාධන සේවාවන් ලබාදීම, විදේශගතවන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුළු සේවාවන් රැසක් මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතය.
මෙය ඉදි කර ඇත්තේ බදුල්ල හාලිඇල ප්‍රදේශයේය.