(කේ.ආර්. රාජමන්තී‍්‍ර)
ඌව පරණගම, ගලහගම අලුත්වත්ත ඇළනාය යන ප‍්‍රදේශ නායයාම හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු ඉවත්කර ඥාති නිවාස වල රැඳවීමට පියවර ගත් බව ඌව පරණගම ප‍්‍රාදේශී ලේකම් කාර්යාලයේ අපදා කළමනාකරණ ඒකකය පවසයි.
අධික වාර්ෂාව නිසා නිවසක් මතට පස්කන්දක් කඩා වැටී ඇතැයිද මේ හේතුවෙන් පවුල් 5ක පුද්ගලයන් එම පෙදෙසින් ඉවත් කළ බවද එම ඒකකය කියාසිටී.
නායයාමේ අවදානම තවදුරටත් දක්නට ඇත්නම්, වහාම එම ස්ථානවලින් ඉවත්වන්නැයිද, උමා ඔයේ ජල මට්ටම වේගයෙන් ඉහළ යන බැවින් ඔය දෙපසේ පදිංචිකරුවන්ට විමසිලිමත් වන ලෙසද බව ඌව පරණගම ප‍්‍රාදේශී ලේකම් කාර්යාලයේ අපදා කළමනාකරණ ඒකකය පවසයි.





