(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන සමන බැද්ද පිරිවෙණට ආසන්නයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ලයිට් කණුවක ගැටීම නිසා යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා මියගොස් ඇතැයි උහන පොලිසිය කියයි.
මෙම යතුරු පැදිය අම්පාර සිට උහන ප්‍රදේශයට ගමන් කර තිබෙන අතර යතුරු පැදිය මාර්ගයේ දකුණු පැත්තෙන් පාරෙන් ඉවතට පැන ලයිට් කනුවේ ගැටී පැදිකරුගේ මුහුණ ලයිට් කණුවේ වැදි බරපතල ලෙස තුවාල ලබා තිබේ.
තුවාලකරු මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන් රථයකින් අම්පාර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ උහන හිමිදුරාව පදිංචි ආර්.එච්.ආර්.උක්කුබංඩා නැමැති 71 හැවිරිදි පුද්ගයෙකි. මෙම අනතුර පිලිබඳව උහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.