(නිශාන්ත කුමාර)
පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, උසාවිය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු අද (30) මීගහකිවුල කරදගහමඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගහකිවුල කළුගහකඳුර ගම්මානයේ 21 හැවිරිදි තරුණයෙකි.
සිංහල අලුත් අවුරුදු දිනයේදී, ප්‍රදේශයේ ම පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප පිට නිදහස ලබා ඇති අතර පසුව උසාවිය මගහහැරීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබිණි.
එම පුද්ගලයා මීගහගහකිවුල කරමැටිය ප්‍රදේශයේ සිටින බවට පොලීසිය වෙත ලද ඔත්තුවක් මත එහි ගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (30) බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණිවීමට නියමිතය.

