(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උතුරේ මුස්ලිම් ජනතා එකමුතුව පුත්තලම මුලික රෝහලේ දෛනික කටයුතු සඳහා අවශ්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.
මෙම උපකරණ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කි.
පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා වෙත ඔවුහු මෙම උපකරණ භාරදුන්හ.
ඔවුහු රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් සඳහා පලතුරු ද බෙදාදුන්හ.





