උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 100 ක්


(දසුන් රාජපක්ෂ )
උතුරු පලාතේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම සඳහා කළපු හා වැව් පොකුණුවලට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 100ක්  මුදා හැර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (10) ප්‍රකාශ කළේය.
 

එමෙන්ම  ධීවර කටයුතු වල නිරත වීම පහසු කිරීම සඳහා කිලිනොච්චිය යාපනය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල පිහිටි  කලපු සහ වැව් පොකුණු රැසක්  ප්‍රතිසංස්කරණය කොට ඇති බවද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා කියා සිටියේ.
 
 ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා උතුරු පළාත තුළ සිදු කළ යුතු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ සොයා බැලීමකින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සංවර්ධන කටයුතු සිදු කළ බව ඩග්ලස් දේවානන්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේය.