(මනුල වික්‍රම)
නාඩු සහල් ඇණවුම් කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් කීරි සම්බා ඇණවුම් කළහොත් පමණක් සිල්ලර වෙළෙන්දන්ට නාඩු සහල් සපයන බවට සහල් මෝල් හිමියන් කොන්දේසියක් දමා ඇතැයි උතුරු මැද පළාතේ සිල්ලර වෙළෙන්දෝ කියති.
සහල් සපයන්නන් සාමාන්‍ය වෙළඳසැලකට නාඩු සහල් කිලෝ පහේ බෑග් 30 ක් ලබාදෙන බවත් එම හාල් කිලෝ 30 ලබා දෙන්නේ කීරි සම්බා කිලෝ 60 ක් ඇණවුම් කළහොත් පමණක් බවත් වෙළෙන්දෝ කියති.
සහල් සපයන්නන් රතු සම්බා,රතු කැකුළු,සුදු කැකුළු සහ සම්බා කැකුළු සහල් වර්ග සැපයීමෙන් වැළකී සිටින බවද වෙළෙන්දෝ පැවසූහ.
නාඩු සහල් කිලෝවක් රුපියල් 98 ට දක්වා පහත හෙළීමෙන් සහල් සපයන්නන්ගේ ලාභය අඩු වන බවත් එය වෙනත් ආකාරයකින් ලබාගැනීම සඳහා උතුරු මැද පළාතේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයින් මෙම කූඨ ජාවාරම සිදුකරන බවත් සුළු ව්‍යාපාරිකයෝ කියති.
මිල අධිකවීම හේතුවක් සාමාන්‍ය ජනයා කීරි සම්බා මිලදී ගන්නේ ඉතා අඩුවෙන් බවත් මේ හේතුවෙන් වෙළඳසැල්වල කීරි සම්බා තොග ඉතුරු වී ඇති බවත් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

