(ක.ග.කරුණාරත්න)
නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබෙන කාලසීමාවේ මහජනතාවට එදිනෙදා පරිභෝජනය සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම ලොරි රථ යොදවා ගමින් ගමට බෙදා හැරීමේ වැඩපිළිවෙළ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල වඩාත් ශක්තිමත් කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර හේරත් මහතා අද(25) රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විශේෂයෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේ මහජනතාව මුහුණ දෙන අපහසුතා මඟ හැරවීම මෙහි අරමුණ බවද ඒ මහතා කීය.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති මෙම සාකච්ජාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වනසිංහ මහතා ඇතුලු නිධාරීහු පිරිසක් සහභාගී වූහ.