(සුජිත් හේවාජුලිගේ)
උතුරු නැගෙනහිර කජු වගා කෙරුණු ඉඩම් අක්කර 10,000 ක් මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින බවත් මේ ඉඩම් කජු වගා කිරීම සඳහා නැවතත් බාර දෙන්නැයි ශ්‍රී ලංකා කජු සංස්ථාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉඩම්වල කජු වගා කළහොත් මෙරටට පිටරටින් කජු ගෙන්වීමේ අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසීය.
යුද්ධය පැවැති සමයේදී කොටි කජු සංස්ථාවේ ඉඩම් අල්ලාගෙන කජු වගා කළ බව කී සභාපතිවරයා මේ කජු ඉඩම් මේ වන විට යුද, නාවික හා සිවිල් ආරක්ෂක බළකා බාරයේ පවතින බවද ප්‍රකාශ කළේය.
මේ අතර කජු සංස්ථාව විනාශ මුඛයට ඇද වැටුණේ පසුගිය රජය සමයේදී සංස්ථාවේ පාලකයින් කජු දන්සල් දැමු නිසා බවත් මැති ඇමැතිවරුන්ගේ අවශ්‍යතා සඳහා සංස්ථාවේ කජු තොග පිටින් නිකුත් කර තිබු බවත් කීය.
තමා බලයට පැමිණ ඒ විනාශකාරී ක්‍රමවේදය නැවැත්වු බවද ඔහු පැවසීය.
රටේ පවතින අස්වැන්න පාරිභෝජනයට ප්‍රමාණවත් නොවන හෙයින් ලෙලි කජු මෙට්ට්‍රික් ටොන් 6000 පිටරටින් ගෙන්වීමට පසුගිදා රජය තීරණය කළ බව කී සභෘපතිවරයා මෙම ගෙන්වීම කරනුයේ දේශීය කජු අස්වැන්න ලැබෙනතුරු පමණකැයිද ප්‍රකාශ කළේය.

