(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල උණවටුනේ දී අද (11) දහවල් යතුරුපැදියක් ජීප් රථයක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
යතුරුපැදිය පදවාගෙන ආ තැනැත්තා මියගොස් ඇති අතර අනතුර සිදුව ඇත්තේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී ය. මියගිය පුද්ගලයා බේරුවල පදිංචිකරුවකු බව ද දැනගන්නට ඇත. හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
උණවටුනේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මරුට
Recommended Articles