උඩුබද්දාවේ සුළං හානි බලන්න ආපදා ඇමැති යයි



     
හේමලතා ඩී හේවගේ      

                                                           
උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩදෙනිය,බිබිලදෙනිය,මීගහපෑලෑස්ස,උතුරු දුනකදෙනිය,පොල්ගහගාර ආදි ගම්මාන කිහිපයක් හරහා අලුයම් කාලයේ දී වර්ෂාවත් සමඟ හමා ගිය දැඩි සුළගින් අලාභ හානි වු නිවාස හා දේපල වලට වූ හානිය දැකබලා ගැනීම සඳහා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා සහ වයඹ ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඊයේ (10) නිරික්ෂණ චාරිකාවක නිරත වුහ.
                                            
මෙම සිදුවූ ආපදාවෙන් පුද්ගලයින් 280 ක් පමණ අගතියට පත්ව ඇති අතර දැඩි ලෙස අලාභ හානි වු නිවාස 90 ක්ද ඇතුළුව සුළු අලාභ හානි වු නිවාස හා දේපල 150 ක් පමණ වන බවද සදහන් වේ.
 
සුළඟින් පීඩාවට පත් පිරිස් වෙත වන්දි මුදල් ලබාදීමටත් ඉදිරි දින දෙක තුළ නිවාසයන් හි වහළවල් පිළිසකර කරදෙන බවටත් එහිදි ප්‍රකාශ කළ අතර ඔවුන් වෙත ද්‍රව්‍යමය ආධාර ලබාදීමක්ද සිදුකළහ.