උඩුගමදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මරුට


(රවී ලියනගේ)

උඩුගම බද්දේගම ප්‍රධාන මාර්ගයේ ගෝනදෙනිය ප්‍රදේශයේදී අද (02) සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි භානුක ඩයස් නැමැති තරුණයෙකි.

උඩුගම දෙස සිට පැමිණි යතුරුපැදිය ගෝනදෙනිය පන්සල ආසන්නයේදී බද්දේගම දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී ඇති බව පොලිසිය පැවසීය.

මෙම රිය අනතුරකින් තුවාල ලැබු පුද්ගලයින් උඩුගම රෝහලින් කරාපිටිය රෝහලට  මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.